බුද්ධත්වයෙන් අට වැනි වර්ෂයෙහි තුන්වැනි වර බුදුරජාණන් වහන්සේ ලංකාවට වැඩම කළේ කැලණියට ය. ඒ කැලණියේ නාරජුගේ ආරාධනය පරිදියි. එම ගමනේදී සුමන කූටයෙහි සිරිපා සටහන බුදුරජාණන් වහන්සේ විසින් තබන ලද බව මහාවංසයේ පළමු වන පරිච්ඡේදයේ (ගාථා අංක 72-78) හි සඳහන් වේ.

.

සම්මා සම්බුදු හිමිගේ ශ්රීපාද පද්මයේ පිහිටි මංගල ලක්ෂණ

බුදුරජාණන් වහන්සේ ශ්රී පාදයේ මංගල ලකුණු දෙසිය සොළසක් පිහිටා තිබුණ බව බෞද්ධ සාහිත්යයේ සඳහන් වෙයි. පුරාණ තුන් සරණය කවි පොතෙහි එය මෙසේ දැක්වෙයි. 

දෙසියක් සොළසකි සිරි පා ලකුණේ 
රසයක් වෙන ඇසුවොත් ගුණ වරුණේ
වසයක් පද පව් සත හට අගුණේ
දසයක් ගුණ වද බණ තුන් සරණේ

සිංහල අට්ඨකතාවේද සිරි පා යුගලයේ මංගල ලකුණු දෙසිය සොළසක් ගැන කියැ වේ.

1) ස්වස්තිකය
2) ශ්වේතොත්ඵල
3) රක්තොත්පල
4) ශ්වේතපද්ම
5)රක්ත පද්ම
6)පුර්ණ පාත්ර
7)පුර්ණ ගටය
8)නීලෝඵල
9)නදවට
10)පුන්කලස
11)වල්විදුනා
12)සොවැති
13)සිරිවස
14)පිල්කලජ
15)අවතංස
16)නළල්පට
17)හිමාලවනය
18)මගුල් තොරණ
19)මිණි තොරණ
20)මගුල් කඩුව
21) ප්රාසාදය
22) කෙලාස කූටය
23) ශ්රවේතඡත්ර
24) සේසත
25) ස්වර්ණ වාල විජිනි
26) තරාදිය
27) භද්රපිඨ
28) චාමර
29) ජම්බුද්දීප
30) පුර්ව විදේහ දිවයින
31) පශ්චිම දිවයින
32) උතුරු කුරු දිවයින
33) කිරි මුහුද
34) යුගන්ධර පර්වතය
35) සප්ත මහා සීදන්ත සාගරය-1
36) ඊශ්වර පර්වතය
37) සප්ත මහා සීදන්ත සාගරය-2
38) කුරවික පර්වතය
39) සප්ත මහා සීදන්ත සාගරය-3,
40) සුදර්ශන පර්වතය
41) සප්ත මහාසීදන්ත සාගරය-4
42) නෙමින්දර පර්වතය
43) සප්ත මහා සීදන්ත සාගරය-5
44) විනතක පර්වතය
45) සප්ත මහා සීදන්ත සාගරය-6
46) අශ්ව කර්ණ පර්වතය
47) සප්ත මහා සීදන්ත සාගරය
48) සුර්ය මණ්ඩලය
49) චන්ද්ර මණ්ඩලය
50) සුංසුමාර රාජයා
51) ධජ
52) ස්වර්ණ මත්ස්ය යුගල
53) පතාක
54)වඩමං
55) චක්රා යුධය
56) දක්ෂිණ වෘත ස්වේත සංඛ්ය
57) සපිරි වාර සප්ත රත්නයන්
58) ,59),60),61),62),63),64),65) චාතුර් මුඛ ස්වර්ණ නෞකා
66) කිම් පුර්ෂයා
67) කින්නරාංගනාව
68) චක්රවර්ති රාජයෝ
69) ස්වර්ණ හංස රාජයෝ
70) කුරවික රාජයා
71) ගරුඪ රාජයා
72) මයුර රාජයා
73) වාසුඛී නාග රාජයා
74) ස්වර්ණ මඛර රාජයා
75) සිංහ රාජයා
76) වෘෂභ රාජයා
77) ව්යාඝ්ර රාජයා
78) වලාහක අශ්ව රාජයා
79) ඓරාවන නම් හස්ති රාජයා
80) අනවතප්ත විල
81) ජද්දන්ත විල
82) කර්ණ මුණඩ විල
83) රථාකාර විල
84) සිංහ ප්රතාප විල
85) මන්දාකිණි විල
86) කුණාල විල
87) චාතුර් මහා රාජික දෙව්ලොව
88) තව්තිසා දෙව්ලොව
89) යාම දෙව්ලොව
90) තුසිත දෙව්ලොව
91) නිර්මානරති දෙව්ලොව
92) පරනිර්මිත වසවර්ති දෙව්ලොව
93) රූපාවචර බ්රහ්මෂද්ය නම් බඹලොව
94) බ්රහ්ම පුරෝහිත නම් බඹලොව
95) මහා බ්රහ්ම නම් බඹලොව
96) පරිත්තාභ නම් බඹලොව
97) අප්රමාණාභ නම් බඹලොව
98) ආභස්වර නම් බඹලොව
99) පරිත්ත ශුභ නම් බඹ ලොව
100) අප්රමාණ ශුභ නම් බඹලොව
101) ශුහකීනි නම් බඹලොව
102) වෙහප්පල නම් බඹලොව
103) අසඤ්ඤ සත්ත බඹලොව
104) අවිහ නම් බඹලොව
105) අතප්ප නම් බඹලොව
106) සුදස්ස නම් බඹලොව
107) සුදස්සී නම් බඹලොව
108) අකනිෂ්ඨක නම් බඹලොව''

මේ ආදී වශයෙන් සිරිපතුල් යුගලයේ ලක්ෂණ දෙක බැගින් ලක්ෂණ 216 ක් වේ.

ලියවු ග්රන්ථ හා සෙල්ලිපි
1. පුරාණ හිමගත වර්ණනාව ගෙවත් ශ්රී පාද වන්දනාව 2. පුරාණ හිමගත හෑල්ල 3. බුදුමූල උපත සහ බුදුගුණ ශාන්තිය හෙවත් වරඟනහෑල්ල 4. සමනල හෑල්ල 5. මක්කම හෑල්ල 6. සමනල වැඳීම 7. සමනල විස්තරය 8. ශ්රීපාද ගමන 9. සමන්ත කූඨ වර්ණනා 10. සමන් දෙවි වරුණ 11. තුන්සරණය
මීට අමතරව කැටකිරිලි සන්දේශය, ගිරා සන්දේශය, හංස සන්දේශය සහ සැළලිහිණි සන්දේශය යන සන්දේශවලද රාජාවලිය වැනි ගද්ය ග්රන්ථවලද ගැන සඳහන් වෙයි.
සෙල්ලිපි
1. අඹගමුව – මහා විජයබාහු 1096
2. හැටදාගේ ලිපිය – නිශ්ශංකමල්ල ක්රි.ව 1198


සිරිපා වැඳගත් රජවරු
ශ්රීපාද ස්ථානය වැඳ පුදා ගත් රජවරු කිහිප දෙනෙකි. අනෙක් රජවරුන්ගෙන් ඒ හා සම්බන්ධ වෙනත් සේවාද ඉටු වී ඇත.
1. වළගම්බා (ක්රි.පූ. 29 -17)
ශ්රීපාදස්ථානය වැඳගත් ප්රථම රජතුමාය
2. සිව්වන මිහිඳු (ක්රි.පූ. 956 – 972)
සොලීන් විනාශ කළ සෑ මැදුර ප්රතිසංස්කරණය කරන ලදී. ශි්කරපාදය වැන්ද බව සඳහන් නැත.
3. මහ විජයබාහු (ක්රි.ව. 1065 -1120)
සිරිපා වන්දනාකරුවන්ට මාර්ගයක් ඉදිකර වීය. (අඹගමුව සෙල්ලිපිය)
4. මහාපරාක්රමබාහු (ක්රි.ව. 1156 – 1186) -
සිරිපා පියුම නිම කළේය. (රාජාවලිය)
5. නිශ්ශංක මල්ල (ක්රි.ව. 1187 – 1196) -
සිරිපා වන්දනා කළේය. (පොළොන්නරුව හැටදාගේ ලිපිය)
6. දෙවන පැරකුම්බා (ක්රි.ව. 1236 – 1271)
සිරිපා වන්දනා කළේය (මහාවංශය)
7. බෝසත් විජයබාහු (ක්රි.ව. 1232 – 1236)
8. හයවන පරාක්රමබාහු (ක්රි.ව. 1440 – 1468)
9. වික්රමබාහු (ක්රි.ව. 1452 – 1511- 1552)
ශ්රී පාදය වැන්දේය. (දළදා වංශය) ශ්රීපාද ස්ථානයේ පහන් පූජාවක් කළේය. ගල් පඩි බැඳවීය.
10. දෙවන විමලධර්ම සූර්ය (ක්රි.ව. 1687 – 1707)
සතියක් සිරිපා මළුවේ වන්දනා කළේය.
11. ශ්රී විජය රාජසිංහ (ක්රි.ව. 1739 – 1747) -
ශ්රී පාදය වැන්දේය
12. කීර්ති ශ්රී රාජසිංහ (ක්රි.ව. 1747 – 1782) -
සිරිපා පුදබිම නැවත බොදුනුවන් අතට පත් කළේය.
13. රාජාධි රාජසිංහ (ක්රි.ව. 1780 – 1798)
ශ්රී පාදය වැන්දේය.

සිරිපා නැගි විදේශිකයෝ
වජ්ර බෝධි හිමී (ක්රි.ව. 639) ඉන්දීය
2. සුලෙයිමාන් (ක්රි.ව 851) අරාබි
3. අබුසෙයියාදිසෙන් (ක්රි.ව. 991) අරාබි
4. මාර්කෝ පෝලෝ (ක්රි.ව. 1292) ඉතාලි
5. ඉබන් බතුතා (ක්රි.ව. 1347) අරාබි
6. ඩැනියෙල් පාතේ (ක්රි.ව. 1684) ජර්මන්
7. හයිඩ්ට් (ක්රි.ව. 1737) ඕලන්ද
8. ජේම්ස් හෝල්මන් (ක්රි.ව. 1830) ඉංගී්නරසි
9. විල්මට් හෝර්ටන් (ආණ්ඩුකාර) ක්රි.ව. 1836) ඉංගී්්රසි
10. එච්. වේල්ස් (ක්රි.ව. 1886) ඉංගී්නරසි
මුළු මහත් ලෝක වාසීන්ගේම ගෞරවාදරයට පාත්රවූ සමනළ කන්ද බෞද්ධ බැතිමතුන් ගේ මුදුන් මල් කඩ සේ සැළකෙයි."සප්ත කන්යා " නම් වූ කඳු හතකින් වටවූ "ශ්රී පාදය " සොබා දහම් මාතාව ගේ අපූර්වතම නිර්මාණයක් වනවා සේම ශ්රී ලංකාද්වීපයට ආශිර්වාදයක් වී තිබේ.


කවීෂා මිහිරංගි  
නාලන්දා නැණසල  
සාමාජික අංක 34  
මිරිස්ස