බුද්ධත්වයෙන් අට වැනි වර්ෂයෙහි තුන්වැනි වර බුදුරජාණන් වහන්සේ ලංකාවට වැඩම කළේ කැලණියට ය. ඒ කැලණියේ නාරජුගේ ආරාධනය පරිදියි. එම ගමනේදී සුමන කූටයෙහි සිරිපා සටහන බුදුරජාණන් වහන්සේ විසින් තබන ලද බව මහාවංසයේ පළමු වන පරිච්ඡේදයේ (ගාථා අංක 72-78) හි සඳහන් වේ.

.

බුදු හිමි වැඩි අපේ ශ්‍රිපාදස්ථානය



සෑම වසරකම සීතල උඳුවප් මහෙන් ආරම්භ වන සිරිපා වන්දනා සමය බුදුරැස් වැටෙන උණුසුම් වෙසක් සමය දක්වා ම යෙදෙයි. දෙසැම්බර් මාසයෙන් ආරම්භ වන වන්දනා සමය මාස හයක කාලසීමාවක් හෙවත් වසර භාගයකට ආසන්න කාලයක් පවතී. ශ්රී ලංකාවේ දීර්ඝතම වන්දනා සමය ද, නිශ්චිත කාලසීමාවකට පමණක් සීමා වූ වන්දනා සමය ද සිරිපා වන්දනා සමයයි.

රත්නපුර දිස්ත්රික්කයේ පැල්මඩුල්ල ගල්පොත්තාවෙල ශ්‍රී පාද රජමහා විහාරයේ සිට ශ්‍රී සමන් දේව ප්රතිමාව ශ්‍රී පාද මළුවට වැඩම කරලීම උඳුවප් පොහොය දිනට පෙර දිනයේ දී සිදු කෙරෙයි. විශේෂ සමන් දේව පූජාවෙන් අනතුරැව දේව ප්රතිමාව “ගල්පොත්තාවෙල” රජමහා විහාරයේ සිට රිය පෙරහැරෙන් නල්ලතන්නිය දක්වා වැඩම කරති. ඉන් අනතුරුව සමන් දෙවි පෙරහැර නල්ලතන්නියේ සිට ශ්‍රී පාද මළුව දක්වා වැඩම කරති. ඉන් අනතුරු එළඹෙන උඳුවප් පුර පසළොස්වක පොහොයත් සමඟ සිරිපා වන්දාන සමය ඇරඹෙයි.
මුහුදු මට්ටමේ සිට අඩි 7360 ක් උසින් පිහිටි “සමනළ කන්ද” සබරගමුව පළාත මෙන්ම මධ්යම පළාතට මායිම්ව පිහිටා තිබේ. මෙහි මුළු බිම් ප්රමාණය හෙක්ටෙයාර 22338 කි. මෙහි විශාලත්වය දිගින් සැතපුම් 48 ක් වන අතර පළලින් සැතපුම් 48 කි. මෙම භූමි ප්රදේශය කැළණි, කළු, වලවේ ප්රධාන ගංඟා තුනෙහි පෝෂක ප්රදේශයක් වන අතර මෙම ශ්රී පාද අඩවිය 1940 ඔක්තෝබර් 20 වැනි දින අභය භූමියක් බවට පත්කර ඇති අතර මෙහි ශ්රී ලංකාවට ආවේණික පක්ෂි විශේෂන 26 ක් පමණ වාසභවනය කර ගෙන ඇත. සමනළ කන්ද තරණය කිරීමට පිළිගත් මාර්ග තුනක් පවතී. හුදෙක් මෙම මාර්ග වන්දනා කටයුතු සඳහා භාවිතා කෙරේ. ප්රසිද්ධ සහ පහසුම ගමන් මාර්ගය ලෙස සැලකෙන්නේ, හැටන් නල්ලතන්නි මාර්ගයයි. නල්ලතල්ලියේ සිට එම මාර්ගයෙන් ශ්රී පාදය කරුණා කරන්නෙකුට ගෙවා දැමිය යුතු දුර ප්රමාණය සැතපුම් හතරක් පමණ වේ. සිරිපා කරුණා කිරීමට යන තවත් මාර්ගයක් වන්නේ රත්නපුර පළාබද්දල මාර්ගයයි. මෙය තරමක් දුෂ්කර වූ මාර්ගයක් වන අතර එහි දුර ප්රමාණය සැතපුම් හතක් පමණ වේ. තුන්වන් ගමන් මඟ වන්නේ කුරුවිට එරත්ත මාර්ගයයි. මෙය ද හුදෙක් දුෂකර වූ මාර්ගයකි. එය ඔස්සේ සැතපුම් අටකට ආසන්න දුරක් ගමන් කල යුතු වේ.
“සමනළ ගල” හැඳින්වීමේ දී සමනල කන්ද, ශ්රී පාදය, සමන්තකූටය, සුමනගල, ශ්රී පාද කන්ද, සමන් කූල, ශ්රී පතුල යනාදී පර්යාය නාම ව්යවහාර කරති.
රත්නපුරය අති පූජනීය ස්ථාන දෙකකට හිමිකම් කියයි. එක් කරුණක් නම් බුදුරජාණන් වහන්සේ තොවැනිවර ලක්දිවට වැඩම කල අවස්ථාවේ දී සුමන සමන් දිව්ය රාජයාගේ ඉල්ලීම පරිදි බෞද්ධයනට වන්දනා මාන කිරීම සඳහා සමනළ කන්ද මුදුනෙහි ශ්රී පාද ලාංජනය පිහිටු වීමෙන් රත්නපුරය පූජා නගරයෙක් බවට පත් කිරීමය. දෙවැන්න සමනොළ කන්දට අධිපති සමන් දිව්ය රජයා වෙනුවෙන් රත්නපුර මහ සමන් දේවාලය පිහිටිම යි.
ශ්‍රී පාද වන්දනාව නිශ්චිත ජාතියකට, ආගමකට, කුලයකට, ස්ත්රී පුරුෂ පක්ෂයකට හෝ සීමා නෙවෙයි. විවිධ ආගමික විශ්වාසයන් පෙරදැරිව සිරිපා කරුණා කිරීම සිදුවේ.
සිංහල බෞද්ධ බැතිමත්හු තිලෝගුරු බුදුරජාණන් වහන්සේගේ ශ්රී පාද සලකුණ මෙහි පවතින බව විශ්වාස කරති. එනම් එහි පුරාවෘතය මෙලෙසින් වේ. දේව ගෝත්රික ජනතාගේ ප්රධානියා වූයේ රත්නපුර දිස්ත්රික්කය සම්බන්ධයෙන් වැදගත් චරිතයක් වූ සුමන ප්රාදේශීය පාලකයාය. බුදුරජාණන් වහන්සේ තෙවරක් මුණ ගැසී ධර්මය ශ්රවණය කළ එකම ශ්රී ලාංකිකයා වන්නේ රත්නපුරය පාලනය කළ යහපත් පාලකයකු වූ සුමනය. අප තථාගත බුදුරජාණන් වහන්සේ ලංකාද්වීපයට පළමුවෙන් ම වැඩම කරනු ලැබුවේ මහියංගනයට ය. උන්වහන්සේ මහියංගනයට වැඩම කල අවස්තාවේදී සුමන නම් වු ජනනායකයා බුදුරජාණන් වහන්සේගෙන් බණ අසා සිත පැහැදී කේෂ ධාතු මිටක් බුදු සුරතින් ලබාගෙන එය මියුගුණ සෑයෙහි තැම්පත් කර ඇතැයි කියවේ. සුමන නම් වූ මහජන පාලකයා බුදුරජාණන් වහන්සේගේ ලංකා ගමනේ දී වැඩම කළ පළමු අවස්ථාවේදී ම බණ අසා සෝවාන් ඵලයට පත්වූ බවද මහා වංශයෙහි සඳහන් වේ. අනතුරුව බුදුරජාණන් වහන්සේ කල්යාණයට වැඩම කළ අවස්ථාවේදීත් මේ ජන නායකයාට දෙවැනි වරටත් බුදුන්වහන්සේගෙන් ධර්මය ශ්රවණය කිරීමේ භාග්ය උදා වී ඇත. එහි දී බුදුන් වහන්සේ කෙරෙහි අචල ශ්රද්ධා භක්තියෙන් යුතුව සුමන නම් වු මේ උතුම් පාලකයා බුදුන් වහන්සේට ගෞරවනීය ආරාධනයක් කළේය. එම ඇයුම වූයේ ඉරහඳ පවතිනා තේකට සැදැහැවතුන්ට පුජා සත්කාර හා වන්දනාමාන කිරීම සඳහා රත්නපුර දිසාවට අයිති සිය වාස භවනය වූ සමනොළ කඳු මුදුනෙහි ශ්රී පාද ලාංජනය පිහිටුවන ලෙසය. මේ උතුම් පාලකයාගේ ඇරයුම පිළිගෙන බුදුරජාණන් වහන්සේ තෙවැනි වරටත් ලංකාද්වීපයට වැඩම කොට සමනොළ ගිර හිස උන්වහන්සේගේ වම් ශ්රී පාද පද්මය පිහිටවාලු බව ජනප්රවාදයෙහි හා ලක්දිව වංහ කතාවන්හි සඳහන් වේ.
එම විශ්වාසය මත පිහිටා “ශ්‍රී පාදය” වැඳ නමස්කාර කොට මුළු වසරටම ශාන්තිය ළඟා කර ගැනීම අප පැරණි මුතුන් මිත්තන්ගේ සිරිත විය. අනුපමේය භක්ති ප්රණාමයකින් යුතුව ජීවිතය පරදුවට තබා ශ්‍රී පාදය නමස්කාරය සඳහා යාම එදා ජනයාගේ පිළිවෙත විය.
එමෙන්ම බුදුන් වහන්සේ තෙවෙනි වරටත් සිදු කළ බුද්ධ දේශණාව ශ්රවණය කිරීමට සුමන ජන නායකයාට අවස්ථාව උදා වීය. බුදුන් වහන්සේගෙන් බණ අසා ආර්යභාවයට පත් සුමන සමන් යන අත උත්තම නමින් හැඳින්වූ ජන නායකයා මිය යාමෙන් පසුව දේවත්වයට පත්ව ශ්රී ලාංකීය ජනයාගේ මහත් ගෞරවාදරයටත් වන්දනා මානයටත් පුද සත් කාරයටත් පත් වී ඇත. ඒ අනුව සමන් දේව ප්රතිමාවට මහත් භක්තියෙන් වැඳුම් පිඳුම් කිරීමත් ආරම්භ වී ඇත. එම භක්තිය පෙරදැරිව ශ්‍රී පාදය කරුණා කිරීම ඈත අතීතයේ සිටම අප පෙර සිරිත විය.
එමෙන්ම හින්දු බැතිමතුන් මෙම පාද සලකුණ හඳුන්වනුයේ “ යනුවෙනි. එනම් ශිව දෙවියන්ගේ පාද සලකුණ ලෙසයි. හින්දූන් එම විශ්වාසය හා භක්තිය පෙර දැරි කර ගනිමින් පිරිපාදය තරණය කරති. ශිව දෙවියන්ගේ ශ්රී පාද ලකුණෙහි හිස තබා වැඳ පුදා ගැනීම හින්දු බැතිමතුන් මෙම වන්දනාවට එක් වීමේ ප්රධානතම අරමුණ වේ.
ඉස්ලාම් බැතිමතුන් සිරිපා වන්දනාවට එක් වනුයේ ආදම්ගේ පාද ලාංඡනය වැඳ නමස්කාර කිරීමට ය. තවද, විෂ්ණු බැතිමතුන් එය රාම රජුගේ මළණුවන් වූ “ලක්ෂ්මන්ගේ” පාද සටහන යයි ව්යවහාර කරති. මේ අනුව තම නමින් අදහන ආගමික නායකයන්ගේ පාද සටහන යයි අනුමාන කරමින් වන්දනා මාන කිරීම, භාරහාර වීම බොදු නොබොදු සෑම දෙනාගේම චාරිත්රය වී ඇත.
නෙතට පෙනෙන ස්වභාව සුන්දරත්වයත්, සිතට දැනෙන ආධ්යාත්මික සුවයත් එක ්තැන් වූ නිමල ආස්වාදයක් ගෙන දෙන සිරිපා වන්දනාව ආරම්භ වූ දා සිට මුණි සිරිපා කරුණා කළ රාජ රාජ මහා මාත්යදින් පිළිබඳවත්, එහි වූ සුන්දරත්වය පිලිබඳවත්, ඒ කෙරෙහි දැක් වූ අසීමිත භක්ත්යාදරය පිළිබඳවත් වංශ කතාවන්හි හා දේශාටන වාර්තාවන්හි සඳහන් වී තිබේ.
සමන්තකූඨ පර්වතය පිළිබඳව මුළින්ම සඳහන් වන්නේ පස්වැනි ශතවර්ෂයේ මැද භාගයේ දී බුදුගොස් හිමියන් විසින් ලියන ලද සමන්තපාසාදිකාව නම් විනය පිටක අට්ඨකතාවෙහිත් ධාතුසේන රජු දවස (ක්රි.ව. 459-278) මහානාම හිමියන් විසින් ලියන ලද මහාවංශයෙහිත් ය. සමන්තපාසාදිකාවෙහි සඳහන් වනුයේ “ථීනිකෝපාන බගවතෝ පාදචෙතියානි ලංකාදීපේ එක ජම්මුදීපේ යොනක රටේ දෙවති. කථා බොධිතො අටටාමේ වාසේ කල්යානියං, මනිඅක්ඛිත නාගරාජෙනා නිමන්තිකො භගවා පංචායි භික්ඛු සාතෙහි පරිචුතො ලංකාදිපාගම්මාන කල්යාණිවෙතියථානේ කටේ රතන මණඩපේ නිසින්නෝ ඛත්ථ කිච්චන් කත්වා සම්න්තකූටේ පාදං දාසෙත්වා ආගමාසි” යනුවෙන් සඳහන් වේ.
එමෙන් ම ලෝකයා කෙරෙහි අනුකම්පා ඇති ලෝකනායක වූ තථාගතයන් වහනසේ රතන්හි ධර්ම දේශනා කොට අහසට නැගි සුමනගිරි ශිඛරයෙහි ශ්රී පාද ලාංජනය දක්වා සංඝයා සහිතව ඒ පර්වත පාදයෙහි සුවසේ දිවාවිහරණය කොට සිඝාවැවට වැඩිසේක” යනුවෙන් මහාවංශයෙහි සඳහන් වී තිබේ.
මෙම ග්රන්ථ දෙකෙහිම කියැවෙන්නේ බුදුරජාණන් වහන්සේ කැලණියට වැඩම කළ කාලයෙහි සමනොළ ගිරි මුදුන සිරිපා තබා වැඩි බවය.
එමෙන්ම දුටුගැමුණු රජ දවස ශ්රී පාද අඩවිය රහතන් වහන්සේලාගෙන් පිරී තපෝ භූමියක්ව තිබු බව ඉතිහාසයේ සඳහන් වේ. තවද ශ්රී පාද වන්දනය සඳහා යන බැතිමතුන් හට නවාතැන් සඳහා තැනින් තැන “අම්බලන්” තනා දුන් බවද ඉතිහාසයේ වේ.
පොලොන්නරුව රාජධානිය කරගත් මහා විජයබා රජතුමා (ක්රි.ව. 1056 – 1111) ඇතුළු පිරිස සිරිපා වන්දනා කොට අනාගත වන්දනා කරුවන්ගේ ගමන් පහසුව සඳහා විශ්රාමශාලා කිහිපයක් කරවා මාර්ගය ආසන්න කෙත්වතු සහිත ගම් බිම්ද පරිත්යාග කල බව අඹගමුව ශිලා ලිපියේ සඳහන් වේ. මෙසේ පිදූ ගම්බිම් අතර ඇල් කෙත් වලින් බහුල ගිලීමලයත් කෝලංගමුවේ පුවත් අරඹත්, සොරගොඩ, අඹගමුව, වල්ගම්පොල, උලපන ආදී ශශ්රීක ගම්මානත් වේ.
පොලොන්නරු යුගයේ බලවතා වූ මහ පැරකුම් රජතුමාද (ක්රි.ව. 1113 – 1131) පිරිවරසෙන් සමග සමන් ගිරි තරණයකොට “ශ්රී පාදය” වැඳ පුදා ගත් බව සඳහන් වේ. හෙතෙමේ සුමන සමන් දෙවියන් සඳහා සිරිපා මළුවේ දේවාලයක් ද ඉඳි කරවා තිබේ.
මහත් උත්කර්ෂවත් අන්දමින් සිරිපා කරුණා කළ නිශ්ශංකමල්ල රජු සිරිපා සමිඳුන් වන්දනාමාන කළ ආකාරයත් පුද සත්කාර කළ ගම් බිම් පිළිබඳවත් “භගවා ලෙන” ගල් ගුහාවේ බිත්තිවල අලංකාරාත්මකව සඳහන් කොට තිබේ.
පුරා දින තුනක් මහා පිංකම් පවත්වමින් සිරිපතුල නැමදූ කලිකාල සාහිත්ය සර්වඥ පණ්ඩිත දෙවන පරාක්රමබාහු රජතුමා (ක්රි.ව. 1234 – 1269) සහ එතුමාගේ දේව ප්රතිරාජ ඇමති ශ්රී පාදස්ථානයේ දියුණුව සඳහා කරන ලද අති විශාල ධන පරිත්යාගයන් පිළිබඳව ලක්දිව පැරණි ග්රන්ථ බොහෝමයක් ඉතාමත් උත්කර්ෂවත් ලෙසින් වර්ණනා කර තිබේ. ඒ නිරිඳු සමන්ගිර තරණය කොට සිරිපතුල නමස්කාර කළ ආකාරය මහාවංහ කතුතෙමේ පවසන්නේ මෙසේය.
“ඉක්බිති ඒ ශ්රේෂ්ඨ රාජ තෙමේ චතුරංග බල සේනා සමගි පර්වතයන්ට සිළුමිණක් බඳු වූ සමන්කූලට ගොස් එහි දේවාතිදේව ධර්ම රාජයන්වූ ශාස්තෘන් වහන්සේගේ දෙවියන් ආදීන් විසින් වැඳිය යුතු වූ සිරිපා ලකුණ වැඳ පර්වත රාජයා අවට දස ගව්පමණ තැන් තැන් රුවණින් යුතු වූ මනහර යෞවනියන්ගෙන් ගහන දනව්ව භක්තියෙන් ශ්රී පාදයට පුදා නැවත එය රුවන් අබරණින් ද පිදුවේය.”

දෙවන පණ්ඩිත පරාක්රමබාහු රජතුමාගෙන් අනතුරුව iv වන විජයබාහු (ක්රි.ව. 1268 – 1270) සිය ඇමති මඩුල්ල සමග සිරිපා කරුනා කළ බව සඳහන් වේ. ඉන් අනතුරුව රට තුළ පැවති දේශපාලන අස්ථාවරත්වයත්, ව්යාකූලත්වයත් හේතු කොට ගෙන ශ්රී පාදස්ථානයට හා ශ්රී පාද වන්දනාවට අනුග්රහයක් නොලැබුණු අතර දීර්ඝ නිහැඩියාවකට පසු සිරිපා වන්දනාවක යෙදෙන නරපතියා වනනේ සෙංකඩගලපුර රජ වූ ශ්රී වීර පරාක්රම රජතුමාය. ඔහු සිරිපා මළුවේ වටින් පහළොස් රියන් සහ උසින් පස් රියන් වු පහනක තෙල් කල සියයක් වගුරුවා මහත් වූ ආලෝක පුජාවක් කළ බව සඳහන් වේ. තවද එම සිද්ධස්ථානයට යන එන බැතිමතුන්ගේ ගමන් පහසුව සඳහා දුර්ග මාර්ගයෙහි ගල්පඩි හත්සිය අසූවක් කරවීමට උපදෙස් දී එහි නිමාව දැක අතිශයින් සොම්නසට පත්වූ බව ද සඳහන් වේ.
නමුත් සීතාවක පළවෙනි රාජසිංහ රජු ශිව ආගම වැළඳ ගැනීමත් සමග ශ්රී පාද ස්ථානයේ භාරකාරත්වය බෞද්ධ භික්ෂූන් වහන්සේලාගේ ග්රහණයෙන් අවාසනාවන්ත ලෙස ගිලිහී ගොස් එය හින්දු පූජක පිරිසක් වූ ආඩින්ට හිමි විය. මෙම ඓතිහාසික පුවත මහා වංශකරු ඉතාමත් සංවේගයකින් යුතුව සඳහන් කර තිබේ.
අනතුරුව රජ පැමිණි දෙවන විමලධර්මසූරිය රජතුමා ශ්රී පාදස්ථානයට ගොස් රන් මුතු මැණික් වලින් සහ අගනා වස්ත්ර වලින් ශ්රී පාදය පුදා සත් දිනක් තිස්සේ එහිම රැදී සිටිමින් මහා පිංකම් පවත්වා ඇත. ඉන්පසු රජ පැමිණි ශ්රී වීර පරාක්රම නරේන්ද්රසිංහ රජතුමා, ශ්රී විජයරාජසිංහ රජතුමාද ශ්රී පාදය වන්දනා කර තිබේ.
අනතුරුව රජ පැමිණි කීර්ති ශ්රී රාජසිංහ රජතුමා (ක්රි.ව. 1747 – 1782) යළිත් මිථයාදෘෂ්ටිකයින් පලවා හැර ශ්රී පාදස්ථානය නැවතත් එහි භාරකාරත්වය භික්ෂූන් වහන්සේලා සතු කලේය.
ඈත අතීතයේ සිටම වන්දනා කරුවෝ හා දේශ සංචාරකයෝ සිරිපාද කන්දෙහි මහිමය ගැන අසා එහි පැමිණියෝය. එමෙන්ම සිය ගමන විස්තරයද ලියා තැබූහ. අරාබි නිසොල්ලාසයෙහි සඳහන් වන සින්බෑඩු නමැති නායකයා තම හත්වන ගමනේ දී ලක්දිවට පැමිණි සවිට සිරිපා කදු වැටිය ගැන විස්තරයක් ලියා තිබේ. දින තුනක් තුළ දුර සිට දැක ඇති මෙම කන්ද අවට ඉතා වටිනා මැණික් ගල්ද, සුවඳ ගස්ද ඇති බවත් එහි ගංගා තුළ දියමන්තිද, මිටියාවත්වල මුතු ද ඇති වත් ඔහු පවසා ඇත.
තවත් අරාබි සංචාරකයෙකු හා වන්දනා කරුවකු වන ඉබන් බතුනා වසර 1350 දී පමණ සිරිපා හමුවට පැමිණි විට එතැන මහ වන්දනා ස්ථානයක් බවට විශේෂයෙන්ම මහමත්වරුනට පෙරලී තිබිණු බවත්, ඔවුන් ඉතා දුර බැහැර සිට සිරිපා වැදුමට පැමිණි බවත් ඔහුගේ වාර්තාවන්හි සඳහන් වී තිබේ.
රොබට් නොක්ස් සඳහන් කරන ආකාරයට ලක්දිව ජනයා මෙම කන්ද නැග සිරිපා ලකුණ වැදුම ඉතා කුසල් සහිත ක්රියාවක් ලෙස සැලකූ බවත්, විශේෂයෙන්ම අලුත් අවරුදු සමයෙහි පැරණි සිංහලයා සිරිපා වැදුමට ස්ත්රීන් හා ළමුන් පවා රැගෙන කදු නැගී බවත් “නොක්ස්” සඳහන් කර තිබේ.
සෑම කටයුත්තකටම මුල පිරීමට පෙරාතුව මුනි පාද ලාංජන පහස ලැබීමට පැරැන්නෝ අමතක නොකළහ. සිරිපා වන්දනාව ගැමියන් අතර මහත් ගෞරවයට හා භකිතියට පාත්ර වූවකි. ඔවුන් බොහෝ විට මෙම වන්දනා ගමන හැඳින්වුයේ “සිරිපා කරුණා” කරනවා යනුවෙනි.
ශ්රී පාදය කරුණා කිරීම සඳහා නඩයක් වශයෙන් රංචු ගැසී යෑම සිදුකරයි. එමෙන්ම තනි පුද්ගලයකු වශයෙන් ශ්රී පාදය කරුණා කිරීම සිරිත නොවේ. මෙහි දී ගමේ නැතහොත් වරිගයේ හෝ පවුලේ වැඩිහිටි අත්දැකීම් බහුල අයෙකු නඩේ නායකයා ලෙස තෝරා ගැනේ. ඔහු නඩේ ගුරා ලෙස හැඳින්වේ. නඩේ භාරකරුවා වූ හෙතෙමගේ වගකීම වන්නේ තම නඩය සිරිපා කරුණා කොට නිරුපද්රිතව තම ගම් බිම් බලා කැටුව ඒමයි. කිසිවෙකු එකල නඩේ ගුරාට පිටිනි කිසිවක් සිදු කළේ නැත. නිතරම ඔහුගේ අවවාදය වන්නේ මෙම ශ්රී පාද අඩවිය සමන් දෙවියන්ගේ බැවින් නොගැළපෙන වචන පවසා කට වරද්ද ගන්න එපා යනුවෙනි. ඕනෑම යහපත් ක්රියාවකට මුල පිරීමට පෙර තම අදහන ආගමට අනුව හෝ ඒ ඒ ශුද්ධ වස්තූන්ගේ නැතහොත් දෙවිවරුන්ගේ ආරක්ෂාව රැකවරණය අයැද සිටීම අප ජන සමාජයේ ලක්ෂණයක් වේ. එමෙන්ම සමන් දෙවි අඩවියේ දී යම්ක්සි කාර්යයකට මුල පුරනුයේ සමන් දෙවියන්ගේ ආර්කෂාව ඉල්ලමින් “සමන් දෙවියන්ගේ පිහිටෙන්” යැයි පවසමිනි.
එමෙන්ම ශ්රී පාදය කරුණා කරන විට එයටම ආවේණික වූ සිරිත් විරිත් හා ආචර ධර්ම පද්ධතියක් මෙන්ම සිරිපා වන්දනාව හා පමණක් ආවේණික වූ විශේස වචන මාලාවක් ද පවතී. සුරාවෙන් සූදුවෙන් අයුතු හැසිරීමෙන් වැලකිය යුතු වන්නේය. හුදෙක් සිත, කය, වචනය සංවර කර ගත යුතුය. ශ්රී පාදය කරුණා කිරීමට මුලපුරනුයේ නල්ලතන්නියේ දී දෙහි කැබැල්ලක් ගා සීත ගගුලෙන් දිය නෑමෙන්ය. මෙය “පේවීම” යනුවෙන් හැඳින්වේ. අනතුරුව පිරුවට ඇඳ බුදුන් වැද දේවාශිර්වාදය ලබා මළුව කරුණා කිරීම අරඹයි. ඒ පිළිබඳව අවවාද, විධි විධාන දෙනු ලබන්නේ නඩේ ගුරා විසිනි.
ජීවිතයේ පළමු වතාවට සිරිපා වන්දනාවේ යන තරුණයා “කොඩුකාරයා” නමිනුත්, ප්රථම වතාවට සිරිපා වන්දනාවේ යන වැඩිහිටියා “දඩුකෝඩු” නමිනුත්, කුඩා දරුවකු හෝ දැරියක “කිරිකොඩු” නමිනුත් හැඳින්වේ. කෝඩුකාරයාගේ කිරිකෝඩු නිමා කරලීම සඳහාද පිළිවෙත් අනුගමනය කරනු ලැබේ. එනම් ඔහු ඉඳිකටුපානේ සිට ඉඳිකටුවකට නූල් බෝලයක් අමුනා එය අවසන් වන තෙක් සමනළ කඳු මුදුනට රැගෙන යා යුතු වෙයි.
මේ හා බැඳි ඉතිහාස කතාව වන්නේ සමන් දෙවියන්ගේ ආරාධනාවෙන් සමන්ථකූඨය මත සිරිපා පතුල පිහිටවාලීමට වැඩම කළ බුදුන් වහන්සේ තමන් වහන්සේගේ ඉරුණු සිවුරු පටපිලී ගෙත්තම්පාණේදී මසා පිළිසකර කරගත් බව ජනප්රවාදයෙහි සඳහන් වේ. අදට වඩා අති දුෂ්කර ගමන් මගක් ගෙවා සිරිපා කරුණා කළ එවක බෞද්ධ බැතිමතුන් වන දුර්ග, ගිරි දුර්ග හරහා පැමිණෙද්දී ඉරී ගිය රෙදි අණ්ඩ දමා පිළිසකර කොට ගත්තේ ඉඳිකටුපාණ හෙවත් ගෙත්තම්පාණේදීය. මෙසේ මසා ඉතිරිවන නූල් සහ ඉඳිකටු තවත් නඩයක ප්රයෝජනය සඳහා ගෙත්තම්පාණේ ගස්වල දවටා යෑම සිරිත වේ. මෙය “ගෙත්තම් කිරීම” යනුවෙන් ව්යවහාර කෙරේ. එමෙන්ම සිරිපා සමය අවසන් වෙද්දී ගෙත්තම්පාණ නූල් විලින් ගෙත්තම්වුණු දැලක අසිරිය ගනු ලබයි.
ගෙත්තම්පාණෙන් පසුව හමුවන වැදගත් ස්ථානය ව්නනේ “රට බලන ගල” යි. සිංහල රජ සමයේ දී සතුරු ආක්රමණ දුර තියා හඳුනා ගත හැකිවන පරිදි ප්රධාන කඩවත් හතරක් බැල්මගලට දිස්වෙයි. මෙහි සුළං කපොල්ලක්ද පිහිටි තිබීම විශේෂත්වයකි.
අනතුරුව දිස්වන්නේ “හැරමිටිපාණය”. හැරමිටිපාණ කෝඩුකාර වන්දනාකරුවන්ට වැදගත් වන ස්ථානයකි. මෙහිදී කෝඩුකාරයන් විසින් හැරමියාණෙන් එන යන වැඩිහිටි වන්දනාකරුවන්ට කැළයෙන් සැරයටියක් කපා පූජා කළ යුතුය. තමන්ගේ නිරෝගී ශක්තිය ප්රාර්ථනා කිරීමත් ජීවිතයේ අනිත්ය බව මෙනෙහි කර ගැනීමත් මෙහි අරමුණ වේ. සැරයටිය පිළිගැනෟවීමට වන්දනාකරුවකු හමුනොවුන හොත් කපාගත් සැරයටිය හැරමිටිපාණේ කාටත් පෙනෙන සේ තබා යෑම සිරිත වේ. අතපය වාරු නැති අයෙකුට එම සැරයටිය අත්වාරුවක් වනු නොඅනුමානය.
අනතුරුව ඇහැළ කණුවත්, සුළං කපොල්ලත් පසුකොට මහගිරිදඹ නැග උඩ මළුවට ළගා විය හැකි ය. ඇහැළ කණුව යනු සිරිපා වන්දනා සමය ආරම්භ වීමට ප්රථම සමන් දෙවිඳුන්ගේ නිළ වාහනය වන සුදු හස්තියා සිරිපා පියුම වන්දනා මාන කිරීමට පැමිණෙන ස්ථානය යි. සුදු ඇත් රාජයාට මහගිරිදඹ නැග උඩමළුවට පිවිසිය නොහැකි බැවින් මහගිරිදඹ පාමුල වූ “ඇහැළ කණුව” නම් ගල් කණුව අසද හිඳ පද්ම වහන්සේට නමස්කාර කර අනතුරුව ඇත් රාජයා වනගත වේ.
සිරිපා වන්දනායේ වටිනාම අවස්ථාව උදාවන්නේ අඩමළුවේ දීය. මෙහි දී සිරිපා පද්මයට මල් පූජා කොට වන්දනා මාන කිරීම සිදුවේ. අනතුරුව තම වන්දනා නඩයේත්, තම ඥාති හිතමිත්රාදීන්ගේ ජීවිත ඒකාලෝක වේවායි පතමින් දොළොස්මහේ පහනට පොල් තෙල්, තැඹිලි තෙල් වත් කිරීම සිදු කරනු ලැබේ. අනතුරුව සමන් දෙවියන් වහන්සේට පුද පූජා පැවැත්වීම සිදුවේ. මේ සඳහා පූජා වට්ටි යොදා ගැනීම සිරිත වේ. එමෙන්ම සිරිපා මළුවේ පවත්වන පූජාවන් අතර “දෝතලු සහ එන් දෝතලු පූජාව” කැපී පෙනෙයි. ශ්රී පාදස්ථානයට එන් දෝතලු මලක් පූජා කොට කන්නලව් කිරීමෙන් දරු සම්පත් ලැබෙන බව ජනප්රවාදයෙහි සඳහන් වේ.
අනෙකුත් වන්දනා ගමන් වලට වඩා මෙහි පවතින විශේෂත්වය වන්නේ සමන්කූට පර්වතය තරණය කිරීමේ දී එහි විවිධ ස්ථාන හැඳින්වීම සඳහා එයටම ආවේණික වූ නම් පවතී. ඉදිකටුපාන, ගෙත්තම්පාන, මහගිරිදඹ, අහස්ගව්ව, ආදී නම් ව්යවහාර කරනු ලැබේ. මෙම කලාපයේ පවතින භූ විෂමතාවන්හි ස්වභාවය අනුව මෙම විවිධ නාම භාවිතා කරති. මෙම සමන් ගිර තරනය කිරීම ඉතාමත් වෙහෙසකර මෙන්ම ඉතාමත් අසීරු වූ ගමනක් වුවද මෙම දුස්කර මාවත පසුකොට මළුවට ප්රවිෂ්ඨ වීම සෑම බැතිමතෙකුගේම අභිලාෂය වන්නේය. මෙම සිරිපා කන්ද තරණය “හිමේ නගිනවා” යනුවෙන් ව්යවහාර කෙරේ. මෙහදී ගමනේ විඩාව, අධික ශිත දේශගුණය, විවිධ දුෂ්කරතා මග හරවා ගැනීම සඳහා විවිධ වූ ක්රමෝපායන් අප පැරැන්නෝ භාවිතා කළෝය. අද ඒවා සිරිපා වන්දනා කරුවන්ටම ආවේණික වූ සිරිත් විරිත් බවට පත්වී තිබේ. එනම් දෙවියන්ගෙන් හා බුදුන්ගෙන් ආශිර්වාද ලැබීමටත්, විඩාව දුරු කරවා ගැනීමටත් වන්දනා කරුවෝ තුන්සරණේ කියති. ඊට අමතරව නඩේ කවිද කියති. සිරිපා කරුණා කරන්නට යන පිරිස කරුණා කර පැමිණෙන පිරිසට බුදුසරණ පතති. වන්දනාකරුවන් ඔවුනොවුන් හමුවන අවස්තාවන්හිදී ආශිර්වාද කර ගන්නේ “කරුණාවයි” කියමිනි. එය වෙනත් අවස්ථාවක “ආයුබෝවන්” යැයි කීම හා සමානය.
“නැගලා බහින මේ නඩේට බුද්ධං සරණේ සරණයි.”
සිරිපා කරුණා කර පැමිණෙන පිරිස සිරිපා කරුණා කරන්නට යන පිරිස සඳහා දේවාශිර්වාදය පතති.
“නගින්න යන මේ නඩේට සුමන් සමන් දෙවි පිහිටයි.”
එමෙන්ම සිරිපා කරුණා කිරීමට යන විටදී එයටම ආවේණික වූ රස කැවිල්ලක්ද රැගෙන ඒම සිරිතකි. එනම් අග්ගලාය. තෙල් වලින් තොර වූ රස කැවිල්ලක් වන මෙය සීතල දේශගුණය හේතුවෙන් ගල් වෙයි. එවිට එය දීර්ෂ වේලාවක් අනුභව කිරීමට අවස්ථාව සැලසෙයි. අග්ගලා නිසාම විවිධ තාල පදද බිහි වී තිබේ. අග්ගල කන්ඩ ඕන පුතා, හෙලේ නගින්න ඕන පුතා යන වදන් ජනශ්රැතිය අභාශයෙන්
“අග්ගලකංඩෝං පුතා
හෙලේනගිංඩෝං පුතා” යනුවෙන් ව්යවහාරයේ යෙදෙයි.
මීට අමතරව සූකිරි කෑමද සිරිත වේ. සුකිරි කෑමෙන් අපේක්ෂා කරනුයේ විඩාව නිවා ගැනීමයි. බොහෝ විට සිරිපා කරුණා කිරීම ආරම්භ වනුයේ රාත්රී කාලයේ දී පන්දම් අතින් ගෙන කණාමැදිරියන් පෙළක් ලෙසිනි. හුදෙක් දහවල් කාලයේ පවතින අධික හිරු රශ්මිය හේතුවෙන් හා පසුදා උදෑසන මළුවේ සිට ඉර සේවය බැලීමේ අනගි අවස්ථාව උදා කර ගැනීම සඳහාය. එමෙන්ම කොපමණ පිරිසක් සිරිපා වන්දනාවට පැමිණියද සිරිපා මළුවේ ඉඩකඩ සීමා නොවන බවට මතයක් පවතී. මළුවට පැමිණෙන බැතිමත්හු පඩුරු පූජා කිරීමෙන් ශ්රී පතුල සිපාචාර කරති. ශ්රී පතුල සිප ගැනීමෙන් ගමන් විඩාව සැනකින් තුරන් වන බව වන්දනා කරුවෝ පවසති. එමෙන්ම මළුවේ පිහිටි ඝණ්ඨාරය නාද කිරීමේ දී ද පිළිවෙතක් පවතී. කිරිකෝඩු තැනැත්තා ඝණ්ඨාරය නාද කිරීමෙන් වැළකී සිටියි. සෙසු අය තමන් පැමිණි වාර ගණයට සමාන අයුරින් ඝණ්ඨාරය නාද කරති. කිරිකෝඩු පුද්ගලයා දෙවන වර පැමිනෙන්නේ නම් එම අවස්ථාවේ දී පළමුවර සිහිපත් කිරීම සඳහාත්, දෙවනවර සිහිපත් කිරීම සඳහාත්, ඝණ්ඨාරය දෙවරක් නාද කරයි. හිමිදිරි පාන්දර සූර්යයා පෙරදිගින් උදාවීම සිරිපා පුදබිමේ දී හඳුන්වනුයේ “ඉර සේවය” යන නමිනි. ඉර සේවය බැලීමෙන් පසු නැවත කරුණා කිරීම සිරිතකි.


කීර්ති ශ්‍රී රාජසිංහ රජුගේ කාලයේසිට වර්ථමානය දක්වා ශ්‍රී පාදයේ නායක පදවියට පත් වූ නාහිමිවරුන්

01.මඩලම්මන තෙරුන් වහන්සේ(වීර පරාක්‍රම නරේන්ද්‍ර සිංහ රජු කල සිට)
02.වැලිවිට ශ්‍රී සරණංකර සංඝරාජ මාහිමි
03.වේහැල්ලේ ධම්මදින්න මාහාමි-1753-1775
04.කඹුරුපිටියේ සගිධර ගුණරතන නාහිමි-1775-1780
05.මාලිම්බඩ ධම්මධාර නාහිමි-1780-1786
06.කරතොට ශ්‍රී ධර්මාරාම නාහිමි
07.මොරතොට ධම්මක්ඛන්ධ නාහිමි
08.කොබ්බෑකඩුවේ ශ්‍රීනිවාස නාහිමි
09.දෙවැනි වැලිවිට සරණංකර නාහිමි
10.ගම්මුල්ලේ සුමන නාහිමි
11.ගාල්ලේ ශ්‍රී මේධංකර නාහිමි-1826-1836
12.ඉදුරුවේ සුමංගල මේධංකර නාහිමි
13.ගලගම අත්ථදස්සී නාහිමි-1836-1860
14.හික්කඩුවේ ශ්‍රී සුමංගල නාහිමි-1860-1867
15.පරගල සෝභිත නාහිමි-1867-1911
16.රඹුක්පොත ශ්‍රී ප්‍රඥාසාර නාහිමි-1911-1913
17.මොරොන්තුඩුවේ ශ්‍රී ධම්මානන්ද නාහිමි-1913
18.බටුගෙදර යසස්සී නාහිමි
19.හදපාන්ගොඩ ශ්‍රී විමල නාහිමි-(වර්ථමාන2014) 

කවීෂා මිහිරංගි 
නාලන්දා නැණසල 
සාමාජික අංක 34 
මිරිස්ස